ප්‍රමුඛ පුවත 1

අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනව කටයුතු කරන බව අපි පෙන්නුවා – අගමැති කියයි

(UTV| කොළඹ) – මෙරට අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් බව පෙන්වා තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

එහිදී ආදී දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා  “ඊයේ ආණ්ඩුව වට්ටනවා කිව්වා.අපිට විරුද්ධ 77ක් තිබුණා.71 දෙනෙක් එකතුවී හැදුව ආණ්ඩුව පෙරලලා බලය ගන්න.71 ඉන්නේ ආණ්ඩුවක් ගන්න නෙමේ විපක්ෂයේ ඉන්නත් මදි. තුනෙක් එකක් ගන්න බැරි අය මෙතැන කතාකරනවා.අපිට සියඹලා ආණ්ඩුව කියනවා”

“හැබැයි මේ රටේ තියෙන්නේ මිරිස් කුඩු ගහන විපක්ෂයක් .පාර්ලිමේන්තුව නැති කරන්න හදුවේ. එදා පාර්ලිමේන්තුවේ මොකද වුණේ. මිරිස් කුඩු ගහන විපක්ෂය හෙලා දැකිය යුතුයි. පාර්ලිමේන්තුව තිබෙන්නේ ජනතා වරම අනුව ක්‍රියා කරන්නයි”.

පාර්ලිමේන්තුව ගැන ආඩම්බර වෙන්න ඕන.ව්‍යවස්ථාදායක සභාව ස්වාධීනව වැඩකරන්න තියෙන්නේ. අප වගකියන්නේ මේ රටේ ඡන්දදායකයින්ට පමණයි. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් ලෙස පෙන්වා තිබෙනවා. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පෙන්නුවා.මෙකෙන් පෙන්නුවේ කළ හොරේ මොකක්ද කියලා.

“ඕනෑ කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. නඩුකාරයින්ගේ නම් කියන්න,බනින්න බෑ. හැම වෙලාවේම ව්‍යවස්ථාදායක සභාවට නම් යෝජනා කරන්නේ පදනමක් අනුවයි.ස්වාධීනත්වය තිබෙන නිසයි මේ වැඩකටයුතු කරගෙන යන්නේ”.

අද පෙන්වනවා ජනතාව ඉන්නේ කොතනද කියලා. ජනතාව ඉන්නේ අප සමඟ.ලංකාවේ දෙවන පිරිපහදුව හම්බන්තොට පටන් ගන්නවා .බිංගිරියේ පටන් ගන්නවා වෙළඳ කලාපයක් ළඟදීම.ඊයේ පැරදිලා,දැන් ඇවිල්ල කෑ ගහනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුවා ස්වාධීනව ව්‍යවස්ථාව ආරක්ෂා කරන බව.ආණ්ඩුවට තියෙන්නේ ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන්න.මේකෙන් පෙන්නුවේ කරපු කුමන්ත්‍රණය මොකද්ද කියලා

 

 

 

Related posts

ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි තීන්දුව අභියාචනා කිරීමේ අවස්ථාවක්

Mohamed Dilsad

ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක

Mohamed Dilsad

අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය

Mohamed Dilsad

Leave a Comment