ප්‍රමුඛ පුවත 1

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ඇරඹේ

(UTV| කොළඹ) – දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද (14) ආරම්භ කෙරුණි.

පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල  මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළේය.

ඒ අනුව එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරමේභ කර තිබේ.

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් පත් කිරීමට අගවිනිසුරුවරයා පසුගියදා පියවර ගනු ලැබීය.

මෙම දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු අද දින සිට ආරම්භ කෙරුණු අතර එහිදී පසුගිය කාලයේ සිදු වූ බරපතල මූල්‍ය දුෂණ වංචා විභාග කිරීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සේනා වගා හානිය ගණනය අද සිට

Mohamed Dilsad

එජාප ජනපති අපේක්‍ෂකට සහය පලකරන කුරුණෑගල රැළිය අදයි [video]

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් සහ විපක්ෂ නායක අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment