ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට.

(UTV| කොළඹ) – තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳව ගමින් ගමට ගොස් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ක්‍රියාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා පවසයි.

මාර්තු 15 දිනට යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ මෙවර තේමාව වන්නේ “විශ්වාසදායී සුහුරු නිෂ්පාදන” යන්නය.

කර්මාන්ත හා වා‚ජ කටයුතු සහ දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ උපදෙස් මත, මෙම වැඩසටහන කි්‍රයාත්මක කෙරේ. තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත්, “ස්මාට් නිෂ්පාදන” පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව පාරිභෝගිකයන් විසින් මිලදී ගන්නා විද්යුත්, විදුලි උපකරණ, ඩිජිටල් උපකරණ සහ උපාංග සඳහා අවම මාස 06ක වගකීමක් ලබා ගැනීම, එකී වගකීම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර තිබේද යන්න විමසිලිමත්වීම, භාණ්ඩයේ නිෂ්පාදිත, අවසන් දින සහ අත්‍යාවශ්‍ය තොරතුරු වෙනස් කර ඇති සහ විකෘති කරන ලද උපකරණ උපාංග මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගිකයින් දැනුවත් කිරීම, ස්මාට් උපකරණ (ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් ඇතුළු සුහුරු (ස්මාට්) නිෂ්පාදන මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග, ඔන්ලයින් ක්‍රමයට උපකරණ උපාංග මිලදී ගැනීමේදී පාරිභෝගික ආරක්ෂාව සැලසෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරේ.

මාර්තු 15 දිනට යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ඇරඹෙන මෙම වැඩසටහන මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ලලිත් සෙනවීර මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

Mohamed Dilsad

නව මැතිවරණ ක්‍රමයෙන් රට අස්ථාවර වීමේ අවධානමක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

කැබිනට් තීරණ මෙන්න

Mohamed Dilsad

Leave a Comment