ප්‍රමුඛ පුවත 1

මධුෂ් අත්අඩංගුවට ගැනීම වලක්වන්න නැන්දාගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV| කොළඹ) – දැනට ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරයි.

මධුෂ් නමැත්තාගේ මවගේ සොයුරියක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචි ඒ. ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ දැනට විදේශගතව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පදනම් විරහිතව කටයුතු කරමින් සිටින බවය.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට ගැනීමට වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂකාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පතිවරයා හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු නම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මිලියන දෙකකට ආසන්න හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වත්තල රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගනි.

Mohamed Dilsad

ඉන්දීය අගමැති අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment