Trending News

ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්ගෙන් පැසසුම්

(උදයම්,කොළඹ) – තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කරගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පලකරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ පෙරේදා (09) ලන්ඩන් නගරයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ඉලක්කකරගනිමින් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රටවල වෙළෙඳ අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එක්ව සිටියි.

එහි දී ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

‘‘ අපි ශ්‍රී ලංකාවටත්, එහි රජයට සහ ජනතාවටත් විශේෂයෙන් ම ස්තූතිවන්ත වෙනවා පොදු රාජ්‍ය මණ්ඩලයේ රවටල් අතර ආර්ථිකය හා වෙළෙඳාම වර්ධනය කරගැනීමට දක්වන සහයෝගය පිළිබඳව. විශේෂයෙන් ම දැනට ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපෘති සාර්ථක කරගන්නත් වෙළෙඳ ආර්ථික පහසුකම් වර්ධනය කරමින් ඉදිරියට යන්නත් ශ්‍රී ලංකාව දක්වන සහයෝගය අපමණයි. ශ්‍රී ලංකා රජය නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකරමින් තම රටේ ආර්ථිකය වගේ ම කලාපයේ ආර්ථිකය දියුණු කරගන්න දක්වන සහයෝගය පිළිබඳවත් විශේෂයෙන් ම අපි ස්තූති කරනවා “

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා සමග ඇය පැවැත්වූ සාකච්ඡාවේ දී ඉදිරියට ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කරගැනීම සඳහා තාක්ෂණික සහය, මූල්‍ය පහසුකම් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයේ උපරිම සහය ලබාදෙන බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් නිරන්තරවම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳව ස්තූති කරන බව අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.

‘‘ අපේ රටේ පවතින්නේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව පවත්වාගෙන යන ජාතික රජයක්. රටේ ආර්ථිකය දියුණු කරලා සංවර්ධිත රටක් බවට පත්කරන්න සැළසුම් සකස්කර තිබෙනවා. ඒ අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකරමින් ආයෝජකයන්ට අවස්ථාව දෙමින් කලාපීය ආර්ථිකයටත් විශාල දායකත්වයක් ලබාදෙමින් සංවර්ධන කටයුතු අපි කරගෙන යනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර බහු පාර්ශවීය නිදහස් වෙළෙඳ ක්‍රමයක් හඳන්වාදෙමින් 2020 දී වෙළෙඳාම දියුණු කරන්න කර ඇති සැළසුමට අපේ රටේ සහයෝගයත් ලැබෙනවා. “

2018 දී ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ඉලක්ක කරගනිමිනි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර විනිවිදභාවයක් ඇති අප්කෂපාතී බහු පාර්ශ්වීය වෙළෙඳ ක්‍රමයක් හඳන්වාදීම මේ සමුළුවේ අපේක්ෂාව වී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් සංඛ්‍යාව 53කි. බිලියන 2.2ක ජනතාවක් ජීවත්වන මේ රටවල ආර්ථිකය සංවර්ධනය කරීම සඳහා මෙවර ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියනයක මුදලක් වෙන්කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/MINI-RISHARD-3-UDM-SIN.jpg”]

Related posts

பாடசாலை பாடத்திட்டத்தில் சட்டக்கல்வி – அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

பங்களாதேஷ் அணியிடம் வீழ்ந்தது மே.இ.தீவுகள் அணி

Mohamed Dilsad

Big Bash League: Bat flip to replace coin toss for 2018-19

Mohamed Dilsad

Leave a Comment