ප්‍රමුඛ පුවත 1

දෙරට අධිකරණ පද්ධතිය අතර සහයෝගීතාවයක් ඇති කර ගැනීමට ස්විට්සර්ලන්තය සමඟ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගිතාවය ඇති කර ගැනීම පිළිබදව ස්වීට්සර්ලන්ත තානාපතිවරයා සමඟ අධිකරණ අමාත්‍යවරිය සාකච්ඡා පවත්වයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මැක් මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වුණි.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කර තිබේ.

මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය ,පුහුණුවීම් ,නීතිමය ප්‍රතිසංස්කරණ දැනුම ලබාදීම, වැනි කටයුතු  සදහා ස්වීට්සර්ලන්ත රජය ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

ස්වීට්සර්ලන්ත රජය ලබා දුන් සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අම්පාර සේනා දළඹු උවදුරින් පීඩාවට පත් ගොවීන්ට වන්දි.

Mohamed Dilsad

කෝටි 3ක මුදලක් වංචාවකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

UTV මහ මැතිවරණ විශේෂ විකාශනය

Mohamed Dilsad

Leave a Comment