ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරුව කල බවට සිදු කල මාධ්‍ය ප්‍රකාශ අසත්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

(UTV| කොළඹ) – සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සිංගප්පූරුවේ පිටුවහල් නීතියට අනුව යම් පුද්ගලයෙකු එරටින් පිටුවහල් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට පදනම් වන ලිපි ලේඛන කිසිවක් ශ්‍රී ලංකා රජයෙන් ලබාදි නොමැති බව එම පුවත් පත් වාර්තාවල සඳහන් කර තිබුණි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු එවන් ප්‍රකාශයක් සිදුකරන ලද්දේ, මෑතකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ, සිංගප්පූරුවේ වෙසෙන බවට පැවසෙන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස සිංගප්පූරු රජයේ අවධානයට යොමු කරමින් එරට අග්‍රාමාත්‍ය ලී ෂියැන් ලුන්ග් මහතාගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ නිල ප්‍රකාශය පදනම් කොට ගෙනය.

කෙසේ නමුත් මේ වන තෙක් ඒ පිළිබඳ කිසිදු නිල ප්‍රකාශයක් සිංගප්පූරු රජය මඟින් ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරින් වෙත ලබාදී නොමැත.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිල ඉල්ලීමක් 2018 මැයි මස 28 වන දින සිදු කර තිබේ.

එසේම එම ඉල්ලීම දැනටමත් සිංගප්පූරු නීතිපතිවරයාගේ අවධානයට යොමුවී ඇති බවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇත.

සිංගප්පූරුවට අදාළ උදර්පණ නීතිය වන්නේ එරට ක්‍රියාත්මක වන උදර්පණ පනතයි. එකී පනතේ දෙවන පරිච්ඡේදයට අනුව 18 වන වරදට සමාන වරදක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිදුකර ඇති බව කොටුව මහේස්ත්‍රාත්වරයාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කරන ලද 8266/2018 ඊ වාර්තාවේ සඳහන් කර ඇත.

එකී වාර්තාව පදනම් කරගෙන 2018-04-19 වන දින ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, එකී රතු වරෙන්තුව ද ඉහත කී සිංගප්පූරු රජය වෙත ඉදිරිපත් කරන ලද උදර්පණ ඉල්ලීම සමඟ ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා සිංගප්පූරුවේ සිදුකරන ලද නිල සංචාරයේදී ද අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස සිංගප්පූරුවේ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේ එකී පදනමෙනි.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පණය කිරීමට අවශ්‍ය හරයාත්මක තොරතුරු ශ්‍රී ලංකා රජය මඟින් මේ වන විට සිංගප්පූරු රජයට ලබාදී ඇති බවත්, එම පදනමෙන් සිංගප්පුරු රජයේ බලධාරින් මඟින් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නොතීසි නිකුත් කිරීම සිදුකළයුතුව ඇති බවත් කියා තිබුණි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අදාළ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා වෙත දන්වා ඇති අතර මැතකදී ලැබුණු එම ලිපියට අදාළ කරුණු සිංගප්පූරුව වෙත යැවීම සඳහා මෙරට නීතිපතිවරයා මේ වන විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවතී.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කරන ලදැයි කියන ප්‍රකාශයක් පදනම් කර ගනිමින් එරට මාධ්‍ය පළකර තිබූ වාර්තා උපුටා දක්වමින් මෙරට මාධ්‍යවල පළවී තිබු ප්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බව රජයේ අදහස බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

රත්නපුර දිස්ත්‍රික්කයේ හානියට පත් ආගමික ස්ථාන වෙත මුල්‍ය අධාර

Mohamed Dilsad

රන්ජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment