ප්‍රමුඛ පුවත 1

විදුලි කප්පාදු කාලසටහන මාසයක් පමණ ක්‍රියාත්මක කෙරෙන ලකුණු

(UTV| කොළඹ) – ඉදිරි මාසයක් පමණ කාලයක් විදුලිය කප්පාදු කාලසටහන ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව  විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

පවතින වියළි කාලගුණය පහව යනතුරු විදුලි උත්පාදන කටයුතු යතා තත්වයට පත් කල නොහැක.

කෙසේ වෙතත් මෙම මාසය අවසන් වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවද  විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර තිබේ.

ඊයේ සිට විදුලිය කප්පාදු කිරීම කාලසටහනකට අනුව සිදු කෙරෙන අතර දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදු කරයි.

ඒ අනුව පෙරවරු 8.30ත් 11.30ත් අතර හෝ දහවල් 11.30ත් 2.30ත් අතර හෝ පස්වරු 2.30ත් 5.30ත් අතර පැය 03ක කාලයක්ද රාත්‍රි කාලයේදී පස්වරු 6.30ත් – 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදුකරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

කෙහෙළිය සහ ඩලස් මාධ්‍ය ප්‍රකාශකවරුන් කෙරේ

Mohamed Dilsad

කුඩා වාහනවලට පණවා තිබු නව බද්ද ඉවතට

Mohamed Dilsad

Leave a Comment