ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමක්

(UTV| කොළඹ) – දෙරට අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් මේ වන විට නොමැති බැවින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව දෙරටේ අවධානය යොමුවී තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ  ඇෆ්ගනිස්ථානු තානාපති එම්.අෂ්රෆ් හයිඩායි මහතා අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වුණි.

මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා විසින් අමාත්‍යවරියගෙන් විමසා සිටි අතර ඔවුන් සම්බන්ධයෙන්  රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව අගය කරන බව ඔහු සඳහන් කර තිබේ.

දෙරට අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් මේ වන විට නොමැති බැවින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව මෙහිදී අමාත්‍යවරිය සහ තානාපතිවරයා අතර අදහස් හුවමාරු වුණි.

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා පවසා ඇත.

කලාපීය රටවල් වශයෙන් ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිටම  ආර්ථික, සංස්කෘතික හා සාමාජීක වශයෙන් පැවති සබඳතාවයන් තවදුරටත් තහවුරු කරගත යුතු බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කලාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘විල්පත්තුව අවට දැනට ජනතාවට නීත්‍යානුකූල අයිතියක් පවතින ගම්මාන රජයට පවරා ගන්නේ නෑ’ජනපති

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ තිදෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment