ප්‍රමුඛ පුවත 1

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

(UTV| කොළඹ) – ජාතික නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු කටයුතු විෂය පථය සිය අමාත්‍යාංශය යටත පැවරී ඇති නමුත්, එය වැඩි දියුණූ කිරිම තමාට අපහසු කටයුත්තතක් නොවන බව, කර්මාන්ත හා වාණිජ කටයුතු, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (27) නාරාහේන්පිට ‘නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ’ (නිපුණතා පියස) වැඩ භාර ගනිමීන් කියා සිටියේය.

ඒ අනුව තමා වෙත පවරා ඇති නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන සාර්ථක ලෙස සිය අමාත්‍යාංශයට දියුණු කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය), ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය, නිපුණතා සංවර්ධන අරමුදල, ශ්‍රී ලංකාව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, මුද්‍රණාලය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව,කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මාර්තු මස 18 දින අති විශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා යටතට පැවරීය.

මෙම වැඩ භාර ගැනිමේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්ය අමාත්ය කරුණාරත්න පරණවිතානද මෙම එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ

Mohamed Dilsad

හම්බන්තොටට මාතරට විදුලිය නෑ

Mohamed Dilsad

වසා දැමුනු මහනුවර රෝහලේ 65 වාට්ටුව යළි ඇරේ

Mohamed Dilsad

Leave a Comment