ප්‍රමුඛ පුවත 1

අළුත් අවුරුදු සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරීමට පියවර

(UTV| කොළඹ) – අලුත් අවුරුදු සමයේදී ජනතාවට හිඟයකින් තොරව ලබාගත හැකි පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මාස දෙකකට ප්‍රමාණවත් තරමට රටට ගෙන්වා ඇතැයි ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

ටින්මාළුවලට අදාළව පවතින තාක්ෂණික ගැටලුවක් නිසා මාස ගණනකට සෑහෙන පරිදි ටින්මාළු ගෙන්වා නොමැත.

කෙසේ වෙතත් පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙවර සෑම භාණ්ඩයකම මිල සුළු වශයෙන් හෝ අඩු වී ඇති බවත්, අවශ්‍ය තරම් තොග ගෙන්වා තිබෙන නිසා භාණ්ඩ හිඟයක් ඇති විය නොහැකි බවත් බවද ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එහෙත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවගේ මිලදීගැනීමේ ශක්තිය අඩුවී තිබේ.

නමුත් පසුගිය වසරට සාපේක්ෂව භාණ්ඩ මිල අඩුවීමේ වාසිය මෙවර ජනතාවට හිමිව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ආනයනකරුවන් විසින් ආසන්න වශයෙන් මාස දෙකකට ප්‍රමාණවත් තරම් භාණ්ඩ ගෙන්වා ඇති නිසා භාණ්ඩ හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගතයුතු බවද හේමක ප්‍රනාන්දු මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අයවැය 2018 වැයශීර්ෂ විවාදය අදත්

Mohamed Dilsad

අමීත් ඇතුළු 08 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ඇතැමුන් ව්‍යවස්ථා බිල්ලෙක් මවා රට පාවාදෙනන හදනවා – ඇමති අකිල කියයි

Mohamed Dilsad

Leave a Comment