ප්‍රමුඛ පුවත 1

ඇන්ජලීන් ගුණතිලක මහත්මීයගේ අවසක් කටයුතු ලබන අගහරුවාදා සිදු කෙරේ

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය අද (30) පෙරවරුවේ සිට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

අවසන් කටයුතු ලබන අඟහරුවාදා (02) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරිමට නියමිතය.

1939 වසරේ මාතරදී උපත ලැබූ ඇය 1958 වසරේදී සොහොයුරෝ චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට පසුබිම් ගායනයට එක්වුවාය..

පාට පොඳක් තිලකලා, සිරිපානා, හදවිමන් දොරෙන්, පෙම්වතියන්නේ ඇතුලු ගීත පන්දහසකට වැඩි සංඛ්‍යාවක් ඇය ගායනා කර තිබීම විශේෂත්වයක්. රණ තිසර සම්මානය, යූ ඩබ්ලිව් සුමතිපාල සම්මානය ඇතුලු ඇගයීම් රැසකින් ද ඇය පිදුම් ලැබුවාය.

Related posts

දිවයිනේ සියලු පාසැල් හෙට සහ අනිද්දා වසා දැමීමට පියවර

Mohamed Dilsad

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Mohamed Dilsad

2020 සඳහා නොමිලේ පෙළපොත් බෙදා දීම අනිද්දා

Mohamed Dilsad

Leave a Comment