ප්‍රමුඛ පුවත 1

2019 අයවැය වැඩි ඡන්ද 45කින් සම්මත වෙයි.

(UTV| කොළඹ) – 2019 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද වැඩි ඡන්ද 45 කින් සම්මත වුණි.

මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්‍ෂව ලබුනේ ඡන්ද 74 කි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්  ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සහ කම්කරු කොංග්‍රස් මන්ත්‍රීවරුන්ද අයවැයට පක්‍ෂව ඡන්දය ලබා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.

ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 32ක් සභා ගර්භයේ රැඳී නොසිටියේය.

ඒ අනුව 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව සම්මත කෙරුණි.

මේ අතර වැය ශීර්ෂ විවාදයට ගැනෙන අවස්ථාවේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත්වීමද විශේෂත්වයක් විය.

ඊට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

 

Related posts

අතුරුදන් වූ බව කියූ දැරිය ඝාතනය කල බවට මවගෙන් පාපොච්චාරණයක්

Mohamed Dilsad

වැසි ඇති වන විට අකුණු අනතුරු අවම කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

කෝටි තුනේ මැණික් කොල්ලයට සම්බන්ධ පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment