ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි…

(UTV| කොළඹ) – මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි

ශ්‍රී ලංකාව ආශ්‍රිත අප්‍රේල් මස 05 සිට 15 දක්වා සූර්යයා අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් අද දින (15) දහවල් 12.09ට සුරුවිල්, අරියාලේ, මුහමලේ සහ චැම්පියන්පත්තු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමට උපදෙස් ලැබී නෑ

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස්හි දී සැකකාරියක් හෙරොයින් සහ මුදල් තොගයක් සමග කොටු

Mohamed Dilsad

Leave a Comment