ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 180 ඉක්මවයි

(UTV| කොළඹ) – දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 185ක් දක්වා ඉහළගොස් තිබේ.

මියගිය 46දෙනෙකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර  මීගමුව රෝහලේ මළ සිරුරු 74  මඩකලපුව රෝහලේ සිරුරු 27 ක් සහ රාගම රෝහලේ සිරුරු 7ක් තැන්පත් කර ඇතැයි රෝහල් බලධරීන් සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ ඇති මළ සිරුරු අතර විදේශිකයන් 11 දෙනෙකුගේ ද සිරුරු වන බව එම රෝහලේ ප්‍රකාශයෙකු පැවසීය.

එසේම කටුපිටිය දේවස්ථානය තුලද තවත් මළසිරුරු කිහිපයක් ඇති බවද වාර්තා වේ.

තුවාල ලැබු 250කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල රෝහල් ප්‍රතිකාර ලබති.ඊට අමතරව මීගමුව සහ මඩකලපුව රෝහල් වල ප්‍රතිකාර ලබන පිරිස 200 ඉක්මවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු ජනාධිපතිගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්.

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 297ක්

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට ලලිත් වික්‍රමරත්න පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment