ප්‍රමුඛ පුවත 1

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

(UTV| කොළඹ) – දිවයින පුරා ක්‍රියාත්මක කර තිබු පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පවතින සාමකාමී තත්ත්වය හේතුවෙන් පොලිස් ඇඳිරි නීතිය ඉවත් කල බවයි.

ඊයේ(21) දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

ඊයේ පස්වරුවේ රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂුක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවැවුණි.

එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වන අලි ප්‍රහාරයකින් සත්ව නියාමකවරයෙකු ජිවිතක්ෂයට .

Mohamed Dilsad

දහ අටට අඩු දරුවන් එක් ලක්ෂ 15,000 ක් මත් පැනට ලොල් වෙයි

Mohamed Dilsad

පොහොර ප්‍රශ්නය අද රාත්‍රියේ විසඳෙනවා – අමාත්‍ය දයාසිරි

Mohamed Dilsad

Leave a Comment