ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ ලිපිලේඛණ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කිරීම පිළිබද පරීක්ෂණයක්

(UTV| කොළඹ) – දිවයින පුරා ප්‍රදේශ කිහිපයක අද සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ජාතික රෝහලට පැමිණ රෝගීන්ගේ සුවදුක් විමසමින් නිලධාරීන් සමග අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් සියලු දෙනා රෝහල්වලට රැගෙන එනු ලැබුවේ ගිලන් රථ වලින්. යුද්ධය පැවැති කාලයේ සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් රැගෙන එනු ලැබුයේ ලොරි රථ හා බස් රථ මගින්. තුවාල ලැබූවන් ඇතුලත් කර ඇති සෑම රෝහලකටම අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී තිබෙනවා. ශල්‍යාගාර දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක අතර, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද අගය කළා. මෙම අවස්ථාවේ දී සාමකාමීව කටයුතු කළ යුතුයි. ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර දෙකකට මමත් ලක් වුනා. ඇතැම් විට ජාතිවාදය අවුලවන්න පුළුවන්. දේශපාලන වාසි ලබාගන්න පුළුවන්. සියලු දෙනාම ජාති ආගම් කුල බේදයෙන් තොරව කටයුතු කළ යුතුයි. දකුණේ මෙන්ම උතුරේ ත්‍රස්තවාදයට මම විරුද්ධයි. එය පරාජය කළ යුතුයි. ජනතාව සාමකාමීව සිටින්න. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය සේවා අවශ්‍ය පියවර ගන්නා අතර, ඔවුන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ජනතාව උදවු කළ යුතුයි. කට කතා වලට රැවටෙන්න එපා. මීට පෙර ද කටකතා පැතුරුනා.”

“සමාජ ජාලා වෙබ් අඩවි වල පළ වූ ලිපියක් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. විවිධ කල්ලි ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කර තිබෙනවා. මේවා හදලා නිකුත් කළේ කවුද කියලා සොයා බලනවා. මුළු දිවයිනටම බලපාන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළීවෙළක් ක්‍රියාත්මකයි.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් පස්වරු 1ට රැස්වේ

Mohamed Dilsad

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වාණිජ ගුවන් පළවනදා සිට

Mohamed Dilsad

ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්…

Mohamed Dilsad

Leave a Comment