ප්‍රමුඛ පුවත 1

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9න් 8ක් ම හඳුනා ගනී

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා කොච්චිකඩේ,කටාන හා මඩකළපුව ප‍්‍රදේශවල සිදුවූ ප‍්‍රහාරවලට සම්බන්ධව මිය ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකුගෙන් අටදෙනෙකුම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇතැයි ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පවසයි.

 මෙම ප‍්‍රහාරය සිදුකළ සංවිධානයේ සාමාජිකයින් ශ‍්‍රී ලංකාවේ ධනවත් පවුල්වලට අයත් විදේශයන්හි උසස් අධ්‍යාපනය ලැබූ අය බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇතිබව ද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විදේශ මාධ්‍ය සඳහා අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

මෙම පිරිසට විදේශ මූල්‍ය ආධාර හා විදේශ පුහුණුව ලැබී ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම ප‍්‍රහාරය පිළිබඳව සැකපිට පුද්ගලයින් 60 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 32 කුගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න කරමින් සිටින බවද ඒ මහතා කීය.

ශ‍්‍රී ලංකා බුද්ධි අංශ එක්සත් ජනපදය,ඉන්දියාව, ඔස්ටෙ‍්‍රිලියාව බ්‍රිරිතාන්‍යය ආදී රටවල බුද්ධි අංශ සමඟ සමීපව කටයුතු කරන අතර ඇමරිකන් ඒෆ්. බී අයි. පරික්ෂණ නිළධාරීන්ද පසුගිය ඉරිදා මෙරට සිදුවු බෝමිබ ප‍්‍රහාරයේ පරික්ෂණ පැවැත් වීමට පැමිණ සිටින බවද අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය. ඉදිරි දින කිහිපය තුළ මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගැනිමට හැකිවෙතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව,පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධීකාරිරුවන් ගුණසේකර හා යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌරුජුවාගේ ගෝලයන් සිව් දෙනෙක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පහරදීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්(වීඩියෝ)

Mohamed Dilsad

සන්සුන්ව ඉවසීමෙන් සිට ආරක්‍ෂක අංශ වෙත සහයෝගය දෙන්න -අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

Leave a Comment