ප්‍රමුඛ පුවත 1

පසුගියදා සිදුවූ පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 253 දක්වා අඩුවෙයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව සංශෝධනය කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව  ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව සියළු ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 359ක් නොව 253ක් ලෙස සංශෝධනය විය යුතු බව එම නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රහාර නිසා මිය ගිය සංඛ්‍යාව ඊට පසුදින 280කට වැඩි සංඛ්‍යාවක් ලෙස සටහන් වූ අතර, මඩකලපුව ශික්ෂණ රෝහලේ 26ක්, මීගමුව මූලික රෝහලේ 102ක්, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 7ක්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 3ක් සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ 140ක් ලෙස මළ සිරුරු පැවති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

මෙවැනි බෝම්බ පිපිරීම්වලදී මිය යන ඇතැමුන්ගේ ශරීර විශාල වශයෙන් හානියට ලක්වන අතර ඇතැම් සිරුරු කොටස්වලට කැඩී සම්පූර්ණ සිරුරු වශයෙන් හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වූ නිසා මලාසිරුරු සංඛ්‍යාව නිශ්චිතව ගණනය කිරීමට නොහැකිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අනුව මරණ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් ගණනය කිරීමේ අසීරුතාවක් පවතින බැවින් මරණ සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත් කර ඇත්තේ ආසන්න අගයක් ලෙසයි.

එමෙන්ම මෘත ශරීරාගාරවලට රැගෙන එන මෘත දේහ නිදහස් කිරීම ද සංකීර්ණ වී තිබේ.

මේ අතරින් මිය ගිය විදේශිකයන් හඳුනා ගැනීමේ ගැටළු ද පවති.

මේ අනුව එම සංකීර්ණ ක්‍රියාවලිය තුළ කැබලි වූ සිරුරුවල තක්සේරුව නිවැරදි කිරීම හේතුවෙන් ඊයේ වන විට එම මරණ සංඛ්‍යාව 253ක් ලෙස ආසන්න වශයෙන් පැවසිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි දෙකක රත්‍රන් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කටයුතු යළි තාවකාලිකව නවතී

Mohamed Dilsad

ජවිපෙ විශ්වාසභංගයේ අරමුණ පොදු ජන පෙරමුණ පවසයි

Mohamed Dilsad

Leave a Comment