ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සම්බන්ධව ඇති මාධ්‍ය ප්‍රචාර අසත්‍යක්.

(UTV| කොළඹ) – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා සහ එම අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි නිල මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍යවලින් කෙරෙණ ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් මහතා පවසයි.

යුද හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවකදී එම ප්‍රදේශයේ පිහිටි තමාගේ පුද්ගලික නිවස පරීක්ෂා කිරීමට ද එම නිලධාරීන් පැමිණි බවත්, ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදුන් බවද පෞද්ගලික ලේකම්වරයා කීවේය.

 එහිදී අමාත්‍යාංශයෙන් තම පෞද්ගලික භාවිතයට දී ඇති නිල රථය පිළිබඳව ද කරුණු විමසූ බවත්, තමා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන නිසා පෞද්ගලික පරිහරණයට ලබාදී තිබෙන නිල රථය බවට තමා පැහැදිලි කළ බවද පෞද්ගලික ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

සියලු පරීක්ෂා කිරීම් සහ කරුණු විමසීම්වලට තමා පූර්ණ සහය දුන් බවත්, එම නිලධාරීන්ගේ අභිමතය පරිදි සිදු කළ සියලු පරීක්ෂාකිරීම්වලින් අනතුරුව ඒ පිළිබඳව සටහන් කරගෙන හමුදා සහ පොලිස් නිලධාරීන් සුහදව නික්ම ගිය බවද පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් මහතා  පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් වෙළඳසල් වලට ,පල්ලි වලට පහර දීම දැඩි ලෙස හෙලා දකිනවා. – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

අද මත්තලට ගිය ගුවන් යානා

Mohamed Dilsad

අගමැතිට සිතාසි නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment