ප්‍රමුඛ පුවත 1

රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය -ඇමති රිෂාඩ් කියයි

(UTV| කොළඹ) – රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය ලබාදෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඉස්ලාම් ආගම කිසිවිටෙක ත්‍රස්තවාදය අනුමත නොකරන බවත් සියළු දෙනාට අවශ්‍ය වන්නේ රටින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

වසර 25ක් පමණ ත්‍රස්තවාදය නිසා බැට කන ලද කෙනෙක් ලෙස තමන් කිසිසේත්ම ත්‍රස්තවාදය අනුමත නොකරන බවත් ඊට සම්බන්ධ සියලුම දෙනාට නීතිය තදින් ක්‍රියාත්මක කල යුතු බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වා දෙයි.

මෙහිදී එම නාලිකාවේ නිවේදකයින් විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලේ අමාත්‍යවරයා සහ දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඉන්සාබ් ඊබ්‍රහීම් යන අයගේ බිරිඳගේ පියා වන අලව්ඩීන් නමැත්තාට ඇති සම්බන්ධතාවය පිළිබඳවයි.

ඔහු වැදගත් ව්‍යාපාරිකයෙකු වන අතර තම පක්‍ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයෙකු වන බවත්, නමුත් ඔහුගේ නෑදෑයින් පිළිබඳව හෝ ඔවුන් සිදු කරන ව්‍යාපාර පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුව මෙම නිවේදකයින් අමාත්‍යවරයාගෙන්  ඉන්සාෆ්ගේ කලෝශියස් පුද්ගලික සමාගම, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හරහා හිස් පතොරම් කොපු කිලෝග්‍රෑම් 25,000 මිලදී ගැනීම පිළිබඳව ප්‍රශ්න කරයි.

ඊට පිළිතුරු දෙන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් අබලි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සමාගම් 300ක් පමණ ලියා පදිංචි වී ඇති බවයි.එම සමාගම් වල ධාරිතාවය කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ගණනය කිරීමෙන් පසු එම අබලි ද්‍රව්‍ය ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.අදාළ සමාගමට නීතිවිරෝදී ලෙස මෙම අමුද්‍රව්‍ය ලබාදී ඇතිද යන්න පිළිබඳව සොයා බැලීමට අබලිද්‍රව්‍ය කර්මාන්තකරුවන් වෙත ලබාදීම පිළිබඳ විශේෂ විමර්ෂණ කමිටුවක් පත් කර ඇති බවද කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා පැවසීය.

එම කමිටුවට චිත්‍රපාල නමැති අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයාද ,ඉන්දිකා රණතුංග නැමැති අධ්‍යක්‍ෂතුමිය සහ සිතාරා ජයසේන නැමැති අධ්‍යක්‍ෂතුමියද  ඇතුළත් බවත් එම කමිටු වාර්තා අද(30) දිනයේ නිකුත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.එම වාර්තාවට අනුව යම් කිසි නිලධාරියෙක් එම මණ්ඩලයේ ක්‍රියාපටිපාටියට බැහැරව කටයුතු කර තිබුණහොත් තරා තිරම නොබලා නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී  S.B.දිසානායක මහතා මාධ්‍ය හමුවකදී කල චෝදනාව සම්බන්ධයෙන්ද  මෙම නිවේදකයින් අමාත්‍යවරයාගෙන් ප්‍රශං කල අතර ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා  කියා සිටියේ මන්ත්‍රීවරයා තමන්ට සහ පක්‍ෂ සාමාජිකයින්ට ඔවුන්ගේ රජයට එකතුවන ලෙස ආරාධනය කලත් තමන් එය ප්‍රතික්ෂේප කල නිසා මෙවැනි චෝදනාවක් කරන බවයි.ඒ නිසා මන්ත්‍රීවරයා තමන්ගේ චරිතය ඝාතනය කිරීමට එරෙහිව රුපියල් බිලියනයක එන්තර වාසියක් යැවු බවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ විරෝධතාවයක

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරිමට විශේෂ කමීටුවක්

Mohamed Dilsad

සරසවි සිසුන් 25කට වසර දෙකක් පන්ති තහනම්

Mohamed Dilsad

Leave a Comment