ප්‍රමුඛ පුවත 1

එකම පවුලේ පස් දෙනෙකුට මරණ දඬුවම

(උදයම්,මාතර ) – එකම පවුලේ පස් දෙනෙකුට අද මාතර මහාධිකරණ විසින් මරණ දඬුවම් නියම කෙරුණි.

 
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අද මෙම නඩු තීන්දුව ලබා දෙන ලදී.

 

2009 වසරේ ජනවාරි 15 දා මෙම ඝාතනය සිදුකර තිබේ.

 

ප්‍රේම සබඳතාවකට විරුද්ධ වූ බව කියන 44 හැවිරිදි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ වරදකරුවන් වූ එකම පවුලේ පස් දෙනෙකුට මෙලෙස මරණ දඩුවම් නියම විය.

 

මරණ දඬුවම නියම කෙරුණු පුද්ගලයන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව සඳහන්ය.

Related posts

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනයට

Mohamed Dilsad

විපක්ෂ නායකත්වයට සජිත්ව පත්කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

විදේශ භාෂා ඉගැන්වීමට උපාධි ගුරුවරුන් ගැනීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment