ප්‍රමුඛ පුවත 1

පාසැල් වල ආරක්ෂාව තහවුරු කිරීමට තවත් චක්‍ර ලේකයක්

(UTV| කොළඹ) – පාසල් දරුවන් ඇතුලු ගුරුවරුන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මතය.

ඒ අනුව 25 /2019 දරණ චක්‍රලේඛය මගින් ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා දිවයිනේ අධ්‍යාපන බලධාරීන් ඇතුලු පාසල් ප්‍රධානීන් වෙත යොමුකර තිබේ.

අවධානම හඳුනා ගැනීම, වළක්වා ගැනීම පිළිබඳව පාසල් සිසුන්, දෙමාපියන් සහ ආදි සිසුන් ඇතුලු පිරිස් දැනුම්වත් කරන ලෙස මෙම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාසල් ගේට්ටු අසළ ආරක්ෂාව තහවුරු කිරීම, සිසුන්ගේ බෑග් පරීක්ෂාව, සිසුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම, නේවාසිකාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම, හදිසි අවස්ථාවකදී උචිත සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීම ඇතුලු කරුණු 18 ක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පාසැල් වල ආරක්ෂක තත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කළේය.

මේ අතර සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරිදි අතිරේක නිලධාරින් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාටද උපදෙස් ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරත වන්න- කතා නායක ඉල්ලයි

Mohamed Dilsad

හඳුනා නොගත් මළසිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

ලෝටස් වටරවුම තාවකාලිකව වසා දැමේ…

Mohamed Dilsad

Leave a Comment