ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ආගමන විගමන නීති උල්ලංඝණය කළ විදේශිය ජාතිකයින් 04 දෙනෙකු අවිස්සාවේල්ල හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳි සිටී නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

31 සහ 26 හැවිරිදි සැකකරුවන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ද 25 සහ 24 හැවිරිදි පාකිස්ථාන් හා බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වීසා නොමැතිව මෙරට රැඳි සිටීම හේතුවෙනි.

ඔවුන් අද අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපති

Mohamed Dilsad

2017 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment