ප්‍රමුඛ පුවත 1

පාසැල් වල ආරක්ෂාව සඳහා විශේෂ නීති රීති.

(UTV| කොළඹ) – එළඹෙන සඳුදා පාසල් විවෘත කිරීමෙන් පසු පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නීති රීති මාලාවක් සකස් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි .

ඒ අනුව ළමුන් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණ වන අතර  පාසල් අවසන් වීමෙන් පසු ළමයින් නංවා ගැනීම සඳහා ද වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණයි.

මෙලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය විසින් තීරණය කළ යුතු වනවා.

අමාත්‍යවරයා පැවසුවේ පාසල් දිගින් දිගටම නිවාඩු දීමෙන් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වන බවත් විෂය නිර්දේශ ආවරණය කිරීමට සහ නියමිත පරිදි ජාතික විභාග පැවැත්වීමට ද එමගින් බාධා සිදුවනු බවයි

ඒ අනුව සියලූ රජයේ පාසල් ලබන සඳුදා විවෘත කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිවයිනට නිරිත දෙසින් වලාකුළු පද්ධතියක් – ඉදිරි දින කිහිපයේ වැසි

Mohamed Dilsad

ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව උපදෙස්

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment