ප්‍රමුඛ පුවත 1

තියුණු ආයුධ භාරදීමට ලබාදී තිබු කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – තමන් සන්තකයේ ඇති කඩු, කිණිසි, උල් පිහි, හමුදා හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් තිබේ නම් පොලීසියට භාර දීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ.

ඒ අනුව එම කාලය තවත් පැය 48කින් දීර්ඝ කර ඇති බව පොලිසිය දැනුම් දෙයි.

නිවෙස්වල සහ ඇතැම් ස්ථානවල ඇති කඩු, කිණිසි සහ උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත භාරදීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබිණ.

පොලිස් මූලස්ථානය පැවසුවේ එම කාලය අද මධ්‍යම රාත්‍රී 12 සිට තවත් පැය 48 කින් දීර්ඝ කර ඇති බවයි.

ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහය

Mohamed Dilsad

ගිගුරුම් සහිත වැසි අවධානමක්…

Mohamed Dilsad

දරු දුක නොදන්නා දරුවෝ

Mohamed Dilsad

Leave a Comment