ප්‍රමුඛ පුවත 1

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පොල්මල්කුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (12) සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නවදෙනෙකු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි තිබී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, නීති විරෝධී දැල් 02 ක් සහ ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 400 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 51 ත් අතර පසුවන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදා නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී ධීවර කටයුතු සඳහා යොදාගත් ධීවර ආම්පන්න කුච්චවේලි ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

මිනුවන්ගොඩ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07දෙනා ඇප මත මුදාහැරේ.

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන තීරණාත්මක රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment