ප්‍රමුඛ පුවත 1

රංජන් රාමනායකගේ නඩුව කල් යයි.

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කළා යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජුලි මස 29 වනදා දක්වා කල් තැබීමට අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබුනත් එහි එක් විනිසුරුවරයෙක් වන විජිත් මලල්ගොඩ විනිසුරුවරයා ජනාධිපති පරීක්ෂණ කොමිසමක විමර්ශන කටයුතුවලට සහභාගි වන හෙයින් මෙම නඩුවේ විභාගය ජුලි මස  29 වනදාට කල් දමන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (13) නියම කළේය.

එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල අවවාද කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීමාවකින් තොරව රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට සුදානම් -ඇමති හැරිසන්

Mohamed Dilsad

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

ශානි අබේසේකරගෙන් මූලික අයතිවාසිකම් පෙත්සමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment