ප්‍රමුඛ පුවත 1

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්.

(UTV| කොළඹ) – මේ වන විට රටේ පවතින ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ‌ලෙසට අගමැතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මෙම ප්‍රකාශය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලදී නිකුත් කරන ‌ලෙසත් ඔහු උපදෙස් ලබාදී තිබේ.

වෙසක් කාල සිමාවේදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට රජය සූදානම් බවත්, විහාරස්ථානවල තොරන් හා දන්සල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් නිකුත් කර තිබෙන නිවේදනය අනුව කටයුතු කරන බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

ථේරවාදී බුදුදහම ආරක්ෂාව වී තිබෙන්නේ ලංකාවේ බවත්, වෙසක් පොහොය සැමරීම පෘතුගීසින්ට පවා නතර කිරීමට නොහැකි වූ බවත් ඔහු පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත්
ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් 19 ආසාදිත පිරිස 1749 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතුයි..

Mohamed Dilsad

අම්බලන්ගොඩදී දියේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

Leave a Comment