ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ සඳහා පොලිස් සුනඛයින් 215ක්.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදු කෙරෙන මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ සුනඛයින් 215 දෙනෙකු පමණ මේ පරීක්ෂණ සඳහා යොදවාගෙන ඇති බව අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පවසයි.

ලාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ සුනඛයින් 85 දෙනෙකු සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා පුහුණු කළ සුනඛයින් 75 දෙනෙකු සිටින බවයි.

මෙම සුනඛයින්ගේ දායකත්වයෙන් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මිට අමතරව මහජනතාවට ජර්මන් ෂෙපර්ඩ්, රොක්වයලට්, ලැබ්රඩෝර් වැනි පෙළපතක් සහිත සුනඛයින් පොලිස් නිල සුනඛ කොට්ඨාශය වෙත පරිත්‍යාග කළ හැකි බව එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෑත කාලසීමාවේ එවැනි සුනඛයින් 30 දෙනෙකු පමණ පරිත්‍යාග කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා සමඟ හිටපු යුධ හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ඇරඹේ

Mohamed Dilsad

බස් සංගම් විරෝධයට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය

Mohamed Dilsad

Leave a Comment