ප්‍රමුඛ පුවත 1

සාමකාමී පරිසරයක් වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක්

(UTV| කොළඹ) – පළාත් සභා විසුරුවා තිබුණ ද හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සියලු පළාත් සභා නැවත කැඳවා තම පළාත්වල ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ නිරන්තරයෙන් සමාලෝචනය කරන ලෙස ජනාධිපතිවරයා සියලු ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී තිබේ.

මේ අතර දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් නියමිත පරිදි ආරක්ෂක කමිටු රැස්කර තම ප්‍රදේශවල ආරක්ෂාවත්, සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙනුත් ආරක්ෂක අංශ සමඟ එක්ව අවශ්‍ය තීන්දු තීරණවලට එළැඹෙන ලෙස ජනාධිපතිවරයා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන්නේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 12 වන දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීම අමතමිනි.

රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහි දී පැහැදිලි කළේය.

පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ දේශපාලන අධිකාරිය මෙන්ම ආගමික නායකයන් ද ඊට එක්කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම රටේ සියලු ජනකොටස් අතර තිබිය යුතු සාමය සහ සහජීවනය තහවුරු කිරීම වෙනුවෙන් කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ප්‍රාදේශීය වශයෙන් මතුවන ගැටුම්කාරි තත්ත්වය වළක්වා ගැනීමට මෙම ආරක්ෂක කමිටු රැස්වීම්වල දී ගනු ලබන තින්දු තීරණ සහ ආරක්ෂක විධිවිධාන ඉතා වැදගත් බව පෙන්වා දෙන ජනාධිපවරයා, එමෙන්ම ආරක්ෂාව ලබාදිය යුතු ස්ථාන සහ ආරක්ෂක නිලධාරින් වඩා විමසිල්ලෙන් සිටිය යුතු ස්ථාන පිළිබඳ අවබෝධයක් ඇත්තේ එම සමාජයේම කටයුතු කරන පිරිසට බැවින් මෙම ආරක්ෂක කමිටු නියමිත පරිදි රැස්වී අවශ්‍ය තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක භූ කම්පනයක්

Mohamed Dilsad

ගම්මිරිස් මිල ඉහල යයි

Mohamed Dilsad

අගෝස්තු 05 අපොස උසස් පෙළ විභාගය ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment