ප්‍රමුඛ පුවත 1

තාවකාලිකව වසා දැමු භික්ෂු විශ්වවිද්‍යාලය මැයි 20 වෙනිදා ආරම්භ කෙරේ.

(UTV| කොළඹ) –  අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන මැයි 20 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලයිය පාලනාධිකාරිය තීරණය කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී යු.ඩි.දොඩම්වල මහතා පවසන්නේ විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් හිමි සියලු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට මැයි මස 19 වෙනි දින සිට නේවාසිකාගාර වලට පැමිණීමට පහසුකම් සලසා ඇති බවයි.

එළඹෙන මැයි මස 20 වන දිනෙන් ආරම්භ වන සතිය අධ්‍යයන නිවාඩු කාලය වන අතර මැයි මස 29 වෙනිදා සිට 2017/2018 අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වෙන පළමු සමාසිකයේ සමාසිකාන්ත පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදේශයේ නිෂ්පාදිත පිස්තෝල 2 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

පාසල් වල ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment