ප්‍රමුඛ පුවත 1

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙයි.

(UTV| කොළඹ) – දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (15) භාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහුව ඊයේ (14) දිනයේදි වරකාපොල පොලිසියට පැමීණි අවස්ථාවේදි පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි.

එසේම අත්ඩංගුවට ගෙන සිටින මහසොහොන් බළකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ, අද (14) දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවත් පැවසේ.

නව සිංහලේ ජාතික සංවිධානයේ ප‍්‍රධානී ඩෑන් පි‍්‍රයසාද් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ පසුවන බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතීන් අතර අසමගිය , වෛරය ඇතිවන ආකාරයේ, සහ මහජනයා භීතියට පත්වන ආකාරයේ අසත්‍ය තොරතුරු පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මූලස්ථානය විසින් පිහිට වු විශේෂ පොලිස් ඒකකය විසින් මොවුන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි‍.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැටන් ප්‍රදේශයේ ජල කප්පාදුවක්

Mohamed Dilsad

අවතැන් වූවන්ගේ සහන සැලසීම් සොයාබැලීමට ජනපති අනුරාධපුරයට

Mohamed Dilsad

අගරදගුරුතුමා සියලු පියතුමන්ලාගෙන් ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

Leave a Comment