ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත අවධානම පහව ගියද අවස්ථාවාදීන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින් බව ජනපති කියයි.

(UTV| කොළඹ) – අද වන විට රට හමුවේ ත්‍රස්ත අනතුරක් නොමැති අතර මතුව තිබෙන්නේ අවස්ථාවාදීන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට දරන උත්සාහයක් බව ජනාධිපතිවරයා පවසයි.

රට තුළ තහවුරු කර තිබෙන නිදහස අවභාවිත කරමින් තොරතුරු නොදැන ඇතැමුන් කරන වැරදි ප්‍රකාශවලට රට අරාජික කිරීමට ඉඩ තැබිය නොහැකි බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවති හමුවේ දී ය.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලනඥයන් සහ පළාත් පාලන ප්‍රධානින් මෙන්ම රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මීට එක්ව සිටි අතර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන යන වැඩපිළිවෙළට ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ආරක්ෂක අංශවලට ලැබිය යුතු සහය පිළිබඳවත්, රට තුළ ගැටුම්කාරි පරිසරයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර විශ්වාසය තහවුරු කරමින් සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට ගතයුතු පියවර පිළිබඳවත් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

මෙම සාකච්ඡා මාලාව පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වුණු අතර එහි 12 වන දිස්ත්‍රික් වැඩසටහන කළුතර දි පැවැත්විණි.

අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය කරමින් මෙම සාකච්ඡා මාලාව ඉදිරියේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙරට ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාවට නංවා අවසන් බවත්, රට අනතුරේ නම් ඒ පිළිබඳ සැඟවීමට ආරක්ෂක අංශ හෝ තමා කිසිවිටෙකත් කටයුතු නොකරන බවත් ය.

සියලු පාසල් දරුවන්ට පාසලට පැමිණෙන ලෙස රජය දැනුම් දුන්නේ ආරක්ෂක අංශවලින් ඒ පිළිබඳ පැහැදිලි සහතිකයක් ලබා ගැනීමෙන් අනතුරුව බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දරුවන්ගේ අධ්‍යාපනය, රටේ දෛනික කටයුතු පමණක් නොව ජාතික සමගිය සහ සංහිඳියාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ද කඩාකප්පල් කිරීමේ උත්සාහයක් රට තුළ ක්‍රියාත්මක බව පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් රටත්, රටේ දරුවන්ගේ හෙට දවසත් වෙනුවෙන් සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කළයුතු අතර ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීමට සේම ආර්ථික, සමාජ අභියෝග ජය ගනිමින් යහපත් රටක් ගොඩනැගීමේ කාර්යය වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අගමැතිගේ, අගමැති ආරක්ෂාව ඉවතට

Mohamed Dilsad

අම්පාර සේනා දළඹු උවදුරින් පීඩාවට පත් ගොවීන්ට වන්දි.

Mohamed Dilsad

ගෝඨාභය යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment