ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි – ඇමති රවී

(UTV| කොළඹ) – අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (16) අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ සුවදුක් විමසීමට කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසීය.

” මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ.

ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීම බව අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික් 09ක නායයෑම් අවදානම තවදුරටත්

Mohamed Dilsad

අයවැය කාරකසභා විවාදයේ පස්වන දිනය අදයි

Mohamed Dilsad

හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

Mohamed Dilsad

Leave a Comment