විදෙස්

හොන්ඩුරාස් ජනපති ඝාතනයට උත්සහ කළ පිරිසට දඩුවම් පැමිණවීම අද

(උදයම්,හොන්ඩුරාස්)  – හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් තුන්දෙනා සම්බන්ධයෙන් නඩු තීන්දුව අද ප්‍රකාශයට පත්  කිරීමට නියමිතය.

යුආන් ඕලැන්ඩෝ හනැන්ඩස් ජනාධිපතිවරයා ඝාතනය සඳහා පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙක්සිකානු ජාතිකයෙකු බව අනාවරණය විය.

මෙම තිදෙනා ජනාධිපතිවරයා ඝාතනයට ලක් කිරීමට උත්සාහ දරා ඇත්තේ ඔහු විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බවට වාර්තාවී තිබේ.

සැකකරුවන් 2015 වසරේදී අත්අඩංගුවට ගැනුණු අතර සැකකරුවන් මීට පෙර අදාළ චෝදනාවට වරදකරුවන් බවට අධිකරණය පත් කළේය.ඒ අනුව ඔවුන්ට හිමිවන සිර දඬුවම් අද දිනයේදී අධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related posts

සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

හැරී සහ මෙගන්ගේ විවාහය අදයි

Mohamed Dilsad

ටෝකියෝවලට ‘ෆැක්සායි’ බලපෑම් කරයි

Mohamed Dilsad

Leave a Comment