ප්‍රමුඛ පුවත 1

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු

(උදයම්,කොළඹ)  – උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්න ලෙස අධිකරණය අද වරෙන්තු නිකුත් කරයි.

ඒ අද පෙරවරුවේ උන්වහන්සේට එරෙහිව පවරා තිබු නඩුවක් කැඳවු අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසිනි.

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන කොළඹ 05, ඇලන් මැතිණියාරාම විහාරස්ථානය තුළ මහජනතාවට බාධා වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර  ක්‍රියාත්මක කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් පවරා ඇති නඩුව අද කැඳවා ඇති අතර උන්වහන්සේ අද දින ඊට පෙනී නොසිටීම හේතුවෙන්මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

මිට පෙර අවස්ථා දෙකකදී එම නඩුවට පෙනී සිටින ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණය විසින් සිතාසි යවා තිබේ.

Related posts

ගම් පෙරළිය අවසන්..

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු නියෝජිතවරිය විදේශ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment