ප්‍රමුඛ පුවත 1

හැටන් – මහනුවර මාර්ගයේ ධාවනය වන සියලුම බස් වැඩ වර්ජනයක.

(UTV| කොළඹ) – හැටන් හා මහනුවර අතර ධාවනය කරන සියලුම පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික සහ ලංගම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුළත් කර මගින් නංවා ගන්නා අතර ඊයේ (23) සිට නාවලපිටිය ලංගම ඩිපෝව මගින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුලත් නොකර එම බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසල මඟින් ආවරණයක් නොමැතිව වෙනමම ස්ථානයක් වෙන් කර ඇත.

මේ හේතුවෙන් එයට විරෝධය පා හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස්රථ අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

හැටන් බස් නැවතුම්පොලේ සිට මහනුවර දක්වා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ හිමියන් අවධාරණය කර සිටින්නේ මෙතෙක් කල් එම මාර්ගයේ ධාවනය කල බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලේ නාතර කර මගින් නංවා ගත් බවත්, පැරණි ක්‍රමයටම තවදුරටත් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියළුම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොට ඇතුලු කර මගින් නංවා ගැනිමට අවස්තාව ලබාදෙන ලෙසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනයකදී අත්අඩංගුවට

Mohamed Dilsad

පාසැල් නිවාඩු කාලට තුළ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

ඡන්ද විමසීම ප්‍රමාද කිරීම මෙරට නීතියට අනුව බරපතළ වරදක් – මැතිවරණ කොමිසමේ සභාපති

Mohamed Dilsad

Leave a Comment