ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ මිලියන 134 ක් තිබු බැංකු ගිණුම් 41ක මෙහෙයුම් අත්හිටුවයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක රුපියල් මිලියන 134 කට අදාළ මෙහෙයුම් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් රුපියල් මිලියන 14 ක් සොයාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැකකරුවන්ගේ රුපියල් බිලියන 07 ක වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද

Mohamed Dilsad

ඩ්‍රෝන යානා පිළිබඳ දීප ව්‍යාප්ත සංගණනයක් අරඹයි [VIDEO]

Mohamed Dilsad

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා වෙළඳ කුටියක්

Mohamed Dilsad

Leave a Comment