ප්‍රමුඛ පුවත 1

සති අන්තයේ වැටලීම් වලින් කේරල ගංජා 350කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

(UTV| කොළඹ)  –  නාවික හමුදා සාමාජිකයින් පිරිසක් ඊයේ (මැයි 26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද උදයපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ, පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

එසේම 25 වනදා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වෙත්තල‍කර්නි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර‍දේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) ද අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට

Mohamed Dilsad

විපතටපත් ජනතාව යළි නගාසිටුවීමට රටවල් 24 ක සහය

Mohamed Dilsad

දිස්ත්‍රික්ක පහකට කාලගුණ අංශ වෙතින් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment