ප්‍රමුඛ පුවත 1

බැටික්ලෝ කැම්පස්හි ණය ගිවිසුම්වල අන්තර්ගතය ගැන ගැටළුවක්

(UTV| කොළඹ)  – මඩකළපුවේ ඉදි කෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්  ආයතනයේ ණය ගිවිසුම්වල අන්තර්ගතය සම්බන්ධයෙන් මේ වන විට  ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සුදී කෙරෙන බවයි.

අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා පැවසුවේ,එම විමර්ශන කටයුතු සඳහා සඳහා ජාත්‍යන්තර සහ ලබාගැනීමට ද අපේක්ෂා කරන බවයි.

මෙම ආයතනය ඉදි කිරිම කටයුතු සඳහා, සෞදි අරාබියේ පුද්ගලයින් කිහිපදෙනෙකු සමග ගිවිසුම්වලට එළැඹ ඇති බවට මේ වන විට අනාවරණ වී තිබේ.

නමුත්, අදාළ ආයතනයට බැංකු ණය ලබා ගැනීමේදී එම කරුණු පිලිබඳ කිසිවක් ඉදිරිපත් කර නැතැයි ද, අනාවරණ වු බව ආශු මාරසිංහ මහතා පවසයි.

මඩකලපුවේ ඉදි කෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය ආයතන 5 ක් ඊයේ දිනයේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

සුව ඇමති කියුබාවේ සෞඛ්‍ය සමුළුවකට එක් වෙයි

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment