ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධ චක්‍ර ලේඛය ගැන අද විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ)  – රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කල චක්‍ර ලේඛය සම්බන්ධයෙන් අද(03) දිනයේදී විශය භාර  අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානාත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය ආයතන වල නිලධාරීන්ට කමිසය සහ කලිසමත් නිලධාරීනියන්ට සාරිය හෝ ඔසරියත් ඇඳිම අනිවාර්යකරමින් සහ කිසිඳු නිලධාරීයෙක් මුහණ ආවරණය නොකර අනන්‍යතාව හඳුනාගත හැකි අයුරින් සිටිය යුතු බවටත් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණි.

මෙම  චක්‍ර ලේඛය අත්හිටුවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසීය.

එම චක්‍රලේඛය සම්බන්ධයෙන් පැණ නැගුණු විරෝධතා මත එය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ කෙරුණි.

අදාළ චක්‍රලේඛය අවලංගු කිරීමට බලය පවතින්නේ තමන්ට පමණක් බවත්, තමන් කිසිසේත් එම චක්‍රලේඛය අවලංගු කිරීමට පියවර ගෙන නොමැති බවත් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අවලංගුයි

Mohamed Dilsad

චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩලයේ ණය පිලිබඳ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment