විදෙස්

ඇමරිකානු ජනාධිපති බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක.

(UTV| ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (03) පළමුවරට බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් අරඹයි.

එම සංචාරයෙන් පසුව ඔහු අයර්ලන්තයේ සහ ප්‍රංශයේ සංචාරයකට එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංචාරය තුළදී දෙවන එලිසබත් මහ රැජිණ ද, අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද, අයර්ලන්ත රජයේ නායක ලියෝ වරද්කාර් ද ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රන් ද හමුවී සාකච්ඡා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ පැමිණීමට විරෝධය පළ කරමින් ලංඩන් නුවර වැසියන් දෙලක්ෂ පණස් දහසක් පමණ අද දැවැන්ත විරෝධතාවකට සූදානම්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් විදෙස් රාජ්‍ය නායකයකු බ්‍රිතාන්‍ය රැජිණ සමග විවෘත රියකින් මෝල් වීදිය ඔස්සේ බකිංහැම් මාලිගය වෙත ගමන් කිරීමේ සම්ප්‍රදාය අවලංගු කිරීමට සිදුව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි

Mohamed Dilsad

ජගත් සංවිධානය අනතුරු අඟවයි

Mohamed Dilsad

දකුණු කොරියාවේදී ලාංකික තරුණයෙකුත් ජීවිතක්ෂයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment