ප්‍රමුඛ පුවත 1

අධිකරණ නියෝගයකින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකියි

(UTV| කොළඹ) – අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් පළාත් සභා මැතිවරණය සීමා නිර්ණය කටයුතුවලින් තොරව වුවද පැවැත්වීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (03) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

කල් තබා තිබෙන පළාත් සභා මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉදිරිපත්ව තිබු පෙත්සම් අද(03) කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මගින් එම දැනුම්දීම සිදු කළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

සබරගමු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුහ.

ඒ අනුව මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අගෝස්තු මස 02 වැනිදා යළි විභාගයට ගැනීමට නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

ගෘහ විදුලි ඒකක මිල වැඩි කරන්නේ නෑ – රවී කරුණානායක

Mohamed Dilsad

අගමැති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment