ප්‍රමුඛ පුවත 1

ජනමාධ්‍ය ඉදිරියේ බුද්ධි නිලධාරීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනපතිගේ විවේචනයට

 

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පත්කරනු ලැබූ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියටත් බුද්ධි නිලධාරින් ගෙන්වා ප්‍රශ්න කරන්නෙනම් තමන් ඉදිරි කිසිදු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගී නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශකර සිටියේ ඊයේ (07) රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

එහිදී ජනාධිපතිතුමා පලකළ අදහස් ,

අප්‍රේල් 21 වනදා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරීම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර නමුත් , කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කණගාටුවන බවත්ය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා මෙවැනි පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරමින් සිදු කරන ක්‍රියාවන් හෙතුවෙන් තමට අහිතකර බලපෑම් ඇති බව බවයි.

ඊට පිලිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අදාල පාර්ලිමේන්තු කාරක සභාවට තමන් කිසිදු සමාජිකයෙකු පත් නොකල බවත් එය පාර්ලිමෙන්තුවේ පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ කැමැත්ත පරිදි සම්මතකර කාරක සභාවක් බවත්ය.

එමෙන්ම තමන් එම පාර්ලිමෙන්තු කාරක සභාවේ සමාජිකයෙකු ලෙස පත් කළේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පමනක් බවත් ඔහුත් එම තනතුරින් පවත් වු බවත්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තහනම් කළේ නැතිනම් ඉදිරියෙදි සියලුම රාජ්‍ය උත්සව සහ කිසිදු කැබිනට් මණ්ඩල හමුවකට තමන් සහභාගි නොවන බවයි.

ඒ සම්බන්දයෙන් පිලිතුරු දෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයා ලෙස එවැනි තද තීරණයක් ගැනීමෙන් මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ප්‍රතිරූපයට අයහපතක් සිදුවිය හැකි බවයි.

Related posts

සොයා ගත් සියළු මත්ද්‍රව්‍ය එකම දිනයක විනාශ කරන්න සුදානම්

Mohamed Dilsad

චන්ද්‍රගුප්ත තෙනුවරගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

තාවකාලිකව වසා දැමු භික්ෂු විශ්වවිද්‍යාලය මැයි 20 වෙනිදා ආරම්භ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment