ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වෙයි

(උදයම්,කොළඹ)  – රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම  කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
තමාට ඇප ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව  විමල් වරවංශ මන්ත්‍රීවරයා විසින් අද කොළඹ මහාධිකරණයට ඇප අයඳුම්පතක් ඉදිරිපත් කළේය.
එම ඇප අයඳුම්පත සලකා බැලූ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය පවත්නා නීතියට අනුව ලබා දී ඇති බව පෙන්වා දී තිබේ.
ඒ අනුව  විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප කෙරුණි.

Related posts

තවදුරටත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැහැ [VIDEO]

Mohamed Dilsad

රන්ජන්ගේ කොකේන් කතාව ගැන විමර්ශනය කරන්න අද සුදානම්

Mohamed Dilsad

වෙළෙඳපොළේ සහල් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment