ප්‍රමුඛ පුවත 1

තී‍්‍රරෝද රථ ගාස්තු ඉහලට ?

(UTV| කොළඹ) – පෙට‍්‍රල් මිල ඉහළ දැමීම හා තවත් හේතු කිහිපයක් මත පළමු කිලෝ මීටරය සඳහා අය කෙරෙන කුලී තී‍්‍රරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ තීරණය කර ඇති බව, ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන සඳහන් කළේය.

කෙසේ වෙතත් දෙවන කිලෝ මීටරය සඳහා වන ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බවද හෙතෙම පැවසීය.

මෙම තීරණයට ත්‍රීරෝද රථවල අමතර කොටස් මිල සහ ටයර්වල මිල ඉහළ යෑමත් බලපා ඇති බවද එ මහතා පෙන්වා දුන්නේය.

දැනට මගීන් ප්‍රවාහනය කිරීමේදී පළවෙනි කිලෝමීටරයට අය කෙරෙන ගාස්තුව රුපියල් 50 ක් වන අතර දෙවන කිලෝමීටරයට රුපියල් 40 ක් වන බවත්, නව වැඩි කිරීමට අනුව පළවෙනි කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 60 ක් වන බව සභාපතිවරයා කීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඩකලපුවට ඇප මුදල් භාරදෙයි

Mohamed Dilsad

ලක්ෂ 39ක රත්‍රන් රේගුව භාරයට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment