ප්‍රමුඛ පුවත 1

විදේශගත ලාංකික දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමට අවස්ථාව

(UTV| කොළඹ) – විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා ඔවුන් පදිංචි රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් පෙනී සිටීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විභාග සහතික පත් ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (11) පැවති උත්සවයකට සහභාගිවීමෙන්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විභාග සහතික ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙල සිදුකළ යුතුව තිබුණේ මීට දශක කිහිපයකට ඉහතදී බවයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්.රණසිංහ විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත ,තැපැල්පති රංජිත් ආරියරත්න , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් අචාර්ය ජයන්ති ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පසුගිය වසරේ සංචරයකයන්ගෙන් ඇ.ඩො බිලියන 4.4 ක අදායමක්

Mohamed Dilsad

පේදුරුතුඩුව- තුඩත්තන ප්‍රදේශයෙන් යුධ උපකරණ රැසක් මතුවේ

Mohamed Dilsad

දෙමටගොඩ ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් නිලධාරීන්ට උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment