(උදයම්,ත්‍රිකුණාමලය) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් කින්නියා ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන විටත් අවශ්‍ය කණ්ඩායම් ඒ සඳහා යොමු කර ඇති බවය.
විශේෂයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්,මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීමේ කටයුතු ,ධුමායන කටයුතු සිදු කිරීමද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහය ලබා දෙන බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.