ප්‍රමුඛ පුවත 1

ලංකාව ගැටුම්වලින් තොර සාමකාමී රටක් බවට පත් කිරීමට සිංගප්පූරුවෙන් පූර්ණ සහය

(UTV| කොළඹ) – ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අගය කරන බවත්, ඒ සඳහා පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවත් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් (Hon. K. Shanmugam) මහතා පවසයි.

ඊයේ (13) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් (Hon. Vivian Balakrishnan) මහතා සමග පැවැත්වූ සාකච්ඡා වල සමාජ, ආර්ථික හා දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ගෝලීය ත්‍රස්තවාදය මැඬ පැවැත්වීමට හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් පිළිබඳව ගත යුතු සාමූහික පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණු අතර ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති චන්ද්‍රා දාස් මහතා ද මේ අවස්ථාවට එක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හමුදාවක ප්‍රධානතම කාර්යයි – යුධ හමුදාපති [VIDEO]

Mohamed Dilsad

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

Mohamed Dilsad

ඉරානයේ පැවති ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment